Sunday, January 16, 2011

මොකක්ද මේ නවයේ සෙට් එක?

ඔන්න ඉතින් මේ බ්ලොග් එක හැදෙන්න පදනම වැටෙන්නේ කන්ද උඩරට තියන  පාසලක් තුලින්. 
පාසලක් කිව්වම ඉතින් මොන තරම් ළමයි ඉන්නවද? ඒ උනාට ඉතින් ඕකේ අපේ අවුරුද්ද කියලා කියන්නේ උසස් පෙළ විභාගේ කරන අවුරුද්දට නේ? ඉතින් නවයේ සෙට් එකත් හැදුනේ ඔය විදිහට තමයි.
අවුරුදු 14ක විතර මතක සටහන් ගලපන්න තමයි මේ බ්ලොග් එක හැදුනේ. 

නවයේ සෙට් එක කියපුවහම ලේසි පහසු සෙට් එකක් නෙමෙයි. ඔකේ ඉතින් පට්ටම මීටර් වගේම අපි වගේ ඇමීටරුත් ඉන්නවා. ඔය ඔක්කොටෝම ඕනි දෙයක් කියන්න පුලුවන් තැනක් තමයි මේ නවයේ සෙට් එක.
මේ කියපු පාසලේ අවුරුද්දක සෙට් එකක අනිවා ක්‍රීඩකයෝ, සොල්දාදුවෝ, ගායකයෝ, වාදකයෝ, රංගනශිල්පියෝ, ගොඩාක් ඉන්නවා ඒ අතර ඉතින් ශිෂ්‍යයෝ කීප දෙනෙකුත් ඉන්නවා. ඔය කවුරු උනත් ගොඩාක් දෙනෙක් ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ පුලුවන් තරම් ට්‍රයි කරන්නේ තමන්ගේ ජීවිතේ හදාගන්න. එතකොට ඉතින් ඉගෙන ගත්ත ඉස්කෝලේ මතක් වෙන්නේ බොහොම අඩුවෙන්. ඒත් තමන්ට ළමයි ඉන්න කාලෙක ඒ ළමයින්ට හොද පාසලක් ඔනි උනාම වගේ වෙලාවට තමයි "අනේ මේ අපේ රත්තරන් ඉස්කෝලෙනේ" කියලා මතක් වෙන්නේ. ගොඩාක් සෙට් වලට උනේ ඒකම තමයි. 09 සෙට් එකටත් ඒකම වෙන්න ගියත් කීප දෙනෙක්ගේ කැප වීම උඩ එහෙම වෙන එක නතර උනා කියලා මම හිතනවා. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නෑනේ. කොහොම උනත් මම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න ගමන්ම, තමන්ට ඒ සාරථකත්වය ලබාගන්න උපකාරී උන තැන අමතක උනේ නැති හැමෝටම ස්තුති කරනවා. 
තවත්  ස්තුති කිරීමක් කරන්නත් ඕනි. ඒ මොකටද දන්නවද? පහුගිය 24 වෙනිදා අපේ නවයේ සෙට් එක සෙට් උනා. ඒක සූදානම් කරපු අපේ කොල්ලො සෙට් එකට ස්තුතියි කියලම ඔන්න සුභ මොහොතින් මේකට පළවෙනි පෝස්ට් එක දානවා.

මේක පස්සේ ලියන්නේ හැමෝටම දැනගන්න, මේකට තමන් කැමති දෙයක් දාන්න පුලුවන්, ඒ නිසා තමන්ට කැමති දෙයක් කියන්න මේ පැත්තට ගොඩ වදින්න අමතක කරන්න එපා. තමන්ට කියන්න තියන දෙයක් මේල් එකක් විදිහට මෙන්න මේ මේල් ඇඩ්ඩ්‍රස් එකට එවන්නකෝ එහෙනම්.
kingswooddinuka.kck09@blogger.com


No comments:

Post a Comment